2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිල වශයෙන් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් තමන්ගේ ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකි බවයි.
මෙලෙස නිකුත් කරන ලද නැවත සමීක්ෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් හෝ විමසීමක් පවතින්නේ නම්, ඒ පිළිබඳව සොයා බැලීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ පහසුකම් සලසා ඇත. ඒ අනුව, එම දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව සෘජුවම සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට අවස්ථාව පවතී.
මේ සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ 011 27 84 208, 011 27 84 537 සහ 011 27 85 922 යන දුරකථන අංක මඟින් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතන ලෙස ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.