උල්හිටියේ වාන් දොරටු හතම විවෘත කරයි
මේ වනවිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ උල්හිටිය ජලාශයේ ජලධාරිතාව ඉහළ යන බැවින් එහි වාන් දොරටු හතම අද 15 සවස මීටර් බින්දුවයි දශම තුනක් යළිත් වතාවක් විවෘත කළ බැවින් රත්කිද කෝසුව හරහා නොයා වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස වාරිමාර්ග ඉංජිනේරුවෝ රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.
වර්ෂාව මේ අයුරින්ම තවදුරටත් පවතින්නේ නම් ජලාශයේ පිටවානේ ගේට්ටු මීටර් බිංදුවයි දශම පහ දක්වා තවදුරටත් වැඩි කිරීමට සිදුවනු ඇති බවත් එසේ වුවහොත් උල්හිටිය ඔය දෙපස පදිංචි ජනතාව ඉතා කල්පනාකාරීව විමසිල්ලෙන් සිටිය යුතු බවත් ජලාශභාර ඉංජිනේරුවෝ පවසති.
වාන් දොරටු විවෘත කිරීමෙන් පසුව මේවන විට රත්කිද කෝසුව ජලයෙන් යටවී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් තෙල්දෙණියාව අළුයටවෙල දිවුලපැලස්ස යන ප්රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් මාර්ග ඉංජිනේරුවෝ පවසති. උල්හිටිය ජලාශයේ උස මීටර් 28 ක් බවද පැවසේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

