ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමඟ ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය ජලාශයේ ජල මට්ටම පවත්වාගෙන යා යුතු මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් එහි ආරක්ෂාව වෙනුවෙන් ජලාශයේ පිටවානේ ගේට්ටු හතම මීටර් බින්දුවයි දශම තුන බැගින් අද උදෑසන සිට විවෘත කළ බව ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
මේ හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ කෝසුව ජලයෙන් යටවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජලාශ භාර ඉංජිනේරුවෝ ප්රදේශ වාසීන්ගෙන් ඉල්ලා සිටිති.

