උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා වූ ජලය රැගෙන යන උමං මාර්ගය දෙපසින් සම්බන්ධ කිරීම ඊයේ (02දා) සවස සිදු කෙරිණි.
මෙම උමං කැනීම් වැලිමඩ පුහුල්පොල ප්‍රදේශයෙන් සහ වැල්ලවාය කන්දගොල්ල ප්රෙදේශයෙන්ම්භ ආරම්භ කළ අතර වැල්ලවාය කරදගොල්ල සිට කි.මී. 11 මීටර් 200ක් දුරට පැමිණ තිබූ අතර පුහුල්පොල ප්‍රදේශයෙන් විදුම් යන්ත්‍රය මගින් වැල්ලවාය දෙසට සිදු කරන ලද කැනීම් ඊයේ (02දා) අවසන් විය.
“ අපි ඉතාමත් භාරධූර කාර්යයක් තමයි කරගෙන ආවේ. මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට අපට විවිධ වූ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවුණා. ඒ වගේම බණ්ඩාරවෙල වැල්ලවාය හිල්ඔය වගේ ප්‍ර‘දේශවල ජනතාවට විවිධ කරදර බාධකවලට මුහුණ දීමට සිදු වුණා.
ඔවුන්ට අපි වන්දි මුදල් පවා ලබා දුන්නා. ඉතා සාධාරණ ලෙස එසේම තවත් සමහර අය විවිධ වූ ආකාරයේ වාසි ලබා ගැනීමේ යටි අරමුණින් මෙම ව්‍යාපෘතිය ගැන ජනතාව නොමග යැවීමේ අදහස් පතුරවනු ලැබුවා. නමුත් අපි නොසැලෙන අධිෂ්ඨානයක් ව්‍යාපෘතියේ කටයුතු ජනතාවට අවම පීඩනයක් ඇතිවන අයුරින් කරගෙන ආවා. එසේම පසුගිය කාලය තුළ මෙම ව්‍යාපෘතිය නිසා සිඳීගිය ළිං සියල්ලම වාගේ නැවත යථා තත්ත්වයට පත්වෙලා තියෙනවා.
එසේම අපි පටන්ගත් මෙම ව්‍යාපෘතියෙන් ජනතාවට සිදුවූ පීඩන ගැන අපි අවංකවම කනගාටුවට පත් වෙනවා. නමුත් මා සිතනවා අපහසුතාවට පත්වූ ජනතාවද ඒ අපහසුතාව තුළින්ම අනාගත සංවර්ධන ක්‍රියාවලියකට දායකත්වය දැක්වූ අය කියලා.
ඉදිරියේදී ඉතාම සුළු කාලයක් තුළ උමං මාර්ගය තුළ ජල කාන්දු වසා දමා ඉතා ඉක්මනින් භාරදීමට කටයුතු කරනවා." යැයි පවසා සිටියේය.
හපුතලේ - නයනානන්ද බුවනෙක
