මොරගහකන්ද ජල ව්යපෘය යටතේ ඉදිවන උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ, අනුරාධපුර පලුගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්, මිගස්වැව උමගගේ සේවකයින් කිහිප දෙනෙකු අතර, ඊයේ (17දා) ඇතිවූ බහින් බස්වීමක් දුරදීග යාම හේතුවෙන් ඇතිවු අරවුලක් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි මොරගොඩ පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලින් බිදිනවා ආසිරිගම අල්මිල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි එච්. එම්. නන්දන තිලක නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ දහවල් 12.ත් 12.15ත් කාලයේ මොරගොඩ පොලිස් වසමේ මහ මිගස්වැව ප්‍රදේශයෙන් ඉදිවෙමින් පවතින උමගේ සේවකයින් කීප දෙනෙකු අතර මෙම ගැටුම හටගෙන ඇති අතර එම අවස්ථාවේ එම ස්ථානයේ සේවය කරමින් සිටි සේවකයින් තිදෙනෙකු විසින් තවත් සේවකයින් 4 දෙනෙකුට පිහියකින් ඇනීම හේතුවෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පිහි ඇණුම් හේතුවෙන් බරපතල තුවාල ලැබු දෙදෙනෙකු පොලොන්නරුව රොහලටත් එක් අයකු දඹුල්ල රොහලටත් ඇතුලත් කර ඇති බව මොරොගොඩ පොලිසිය සදහන් කළේය.
සිද්ධියට අදාල සැකකරුවන් මිගස්වැව ප්‍රදේශයේ කැලෑවක පැන ගොස් ඇති අතර සැක කරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර මේ වන විට මොරගොඩ පොලිස් ස්ථානයේ පොලීස් කණ්ඩායම් කිහිපයක් සැක කරැවන් අත් අඩංගුවට ගැණිම සදහා මිගස්වැව රක්ෂිතයේ මෙහෙයුමක් අරම්භ කර ඇති බව වාර්ථාවේ.
සිද්ධියට අදාලව මොරගොඩ පොලිස් ස්ථානයේ පොලීස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදී අපරාධ අංශය මගින් පරික්ෂණ පවත්වනු ලබයි