උපෙළ වාණිජ අංශයේ ලංකාවෙන්ම විශිෂ්ඨයා පානදුර බාලිකාවේ ශෙහාරා
පානදුර බාලිකා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා සිසුවිය වාණිජ අංශයෙන් ලංකාවේ පළමු ස්ථානය ලබාගෙන තිබේ.
ජයනාත් පුංචි හේවා සහ අනූෂා විකුම්සිරි යන දෙපලගේ දැරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ ශෙහාරා දෙවනියා බව සදහන් වේ.
බෙන්තර, ඉඳුරුව ගෝනගල ප්‍රදේශයේ පදිංචි ශෙහාරා ගේ වැඩිමහල් දියණියද විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ හදාරා මේ වනවිට වයඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුවියකි.
කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ශෙහාරා 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත්ව, අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9 ක් ලබාගෙන පානදුර බාලිකා විද්‍යාලයට ඇතුළු වී තිබේ.
මව්පියන් දෙදෙනා ව්‍යාපාරික කටයුතු වල නියැලෙන අතර , බාල දියණියද කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ 11 වසරේ ඉගෙනුම ලබයි.
ශෙහාරාගේ දක්ෂතාවය පිළිබඳව අදහස් දැක්වූ ඇයගේ මව වන අනූෂා විකුම්සිරි මහත්මිය මෙසේ පැවසුවාය. "දුව පාසලෙන් එදිනෙදා දෙන වැඩ එදිනෙදාම අවසන් කලා. අමතර පන්ති වලටත් සහභාගි වුණා, ඇය ඉහළ සාමාර්ථයක් ලබා ගනීවි කියලා විශ්වාසය තිබුණත් ලංකාවෙන් පළවෙනියා වේවි කියා හිතුවේ නැහැ ."
පානදුර සුමිත් පොතුපිටිය


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
