රටක ව්‍යවස්ථාවක් සැකසිය යුත්තේ රටේ ජනතාව වෙනුවෙන් වුවත් වත්මන් රජයඅධිකරණ අමාත්‍යාංශය හරහා නව ව්‍යවස්ථාවක් සකස් කොටවෘත්තිය සමිති වල ක්රියාකාරකම්මර්දනය කිරීම සහ කරමින් සිටින බවලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්ජෝසප් ස්ටාලින් මහතා පවසයි .
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ ලංකා ගුරු සංගමයේ මහනුවර දිසා සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
“රටක ව්‍යවස්ථාවක් සැකසිය යුත්තේ මහජනතාවගෙන් ද ඒ සම්බන්ධයෙන් අදහස් අරගෙන. නමුත් වත්මන් රජය නව ව්‍යවස්ථාවක් සැකසීමට සූදානම් වන්නේ අධිකරණ අමාත්‍යාංශය හරහායි. එහි තිබෙන භයානකකම වන්නේ අධිකරණ අමාත්‍යවරයා පවසා සිටිනවානව ව්‍යවස්ථාව තුළට වෘත්තිය සමිති ක්‍රියාකාරකම් පාලනය වන වගන්තිය ඇතුළත් කළ යුතුයි කියා. ඉන් අපට පැහැදිලි වනවා මේ එන ව්‍යවස්ථාව කුමන ආකාරයේ එකක්ද කියා.
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ අපිට තිබෙන අයිතිවාසිකම් අහිමි කිරීමක්. මෙම තත්ත්වය බරපතල තත්ත්වක් හැටියට අපි දකිනවා. අපි ඊට ඉඩ තබන්නේ නැහැ. අපිට තිබෙන වෘත්තිය අයිතිවාසිකම් වලට අත තිබ්බොත් ඊට එරෙහිව බරපතළ පෙළ ගැසීමක් කරනවා.
කොවිඩ් වසංගතය පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව බවට පත්වී තිබෙන්නේ සමස්ත ළමයි ගෙන්වීමට තීරණය කිරීම නිසයි. සමාජ දුරස්ථ භාවයක් නොමැතිව පාසල් තුළට සියලු දෙනා කැඳවීමයි. එම නිසා අපි කියනවා එළඹෙන පෙබරවාරි 07 වැනිදා උසස් පෙළ විභාගය පටන් ගත්තායින් පසු එම කාල සීමාවේ සියලු ශ්‍රේණි වසා යම් ආකාරයක කොවිඩ් ව්‍යාප්තිය පාලනය වන ආකාරයේ ක්‍රියාමාර්ග ගත යුතුයි කියා. ඉතිහාසයේ කිසිම දිනක විභාග පැවැත්වෙන විට පාසල් පවත්වා නැහැ.
නමුත් ප්‍රාථමික පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙනවා . එය නතර කළ යුතුයි. ගුරු සංගම් හැටියට අප පාසල් වහන්න කියන්නේ නෑ . නමුත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය වන ක්‍රමවේදයක් සමග පාසල් ආරම්භ කිරීමට කටයුතු කළ යුතුයි .
ඉන් අනතුරුව මාර්තු මාසයේ පාසල් ආරම්භ කිරීමේදී කොවිඩ් ව්‍යාප්තියේ ස්වරූපය බලා පාසල් ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් විධිමත්ව සකස් කළ යුතුයි. එය දේශපාලන තීන්දුවක් නොවී සෞඛ්‍ය බලධාරීන්ගේ තීන්දුවක් විය යුතුයි. පාසල් පද්ධතිය මේ ආකාරයෙන් පවත්වාගෙන ගියහොත් ඉදිරි කාලය භයානක විය හැකියි. දැනටමත් සමහර පාසල් වල පන්ති පිටින් වසා දමා තිබෙනවා.
අපි මේ සම්බන්ධයෙන් බලධාරීන්ට අවස්ථා දෙකකදී දන්වා තිබෙනවා. ඊට ප්‍රතිචාර නොලැබුණහොත් සියලුවෘත්තීය සමිති සමඟ සාකච්ඡා කොට තීරණයක් ගන්නවා.”
ෂේන් සෙනෙවිරත්න