අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේ එම විභාගය ඔක්තෝබර්, නොවැම්බර් කාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බවයි.
එසේම මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් ද සාකච්ඡා කරමින් සිටින බව ඇමතිවරයා පැවසීය.