වෘත්තිකයන්ගෙන් අයකරන බදු පිළිබඳව ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් කිරීමෙන් පසුලැබෙන තීරණ මත දැනට ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කරන බව විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.
වෘත්තිකයන්ගෙන් අයකරන අසාධාරණ බදු ඉවත් කරන ලෙස ඉල්ලා විශ්ව විද්‍යල ආචාර්ය සමිති සම්මේලනය උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාකිරීමේ කටයුතුවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වේ.
පවතින ගැටලු විසඳීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබූ අතර මෙම යෝජනා සම්බන්ධයෙන් ආචාර්වරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව රැස් වී ඊයේ (25දින) සාකච්ඡා කළ බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේය.
මේ අනුව වෘත්තිකයන්ගෙන් අයකරන අසාධාරණ බදු පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාකළ යුතු නිසා ජනාධිපතිවරයා අදාළ සාකච්ඡාව ලබා දීමට කටයුතු කළ හොත් හා ඉන් ලැබෙන තීන්දු මත උත්තර පත්‍ර පරීක්ෂාකිරීම පිළිබඳවතීරණයක් ගැනීමට අචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව තීරණය කළ බවද පවසා සිටියේය.
පසුගිය වසරට අදාළව මේ වසරේ පැවැති උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව පෙබරවාරි 22 වැනි දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. එහෙත් විශ්විද්‍යාල ආචාර්වරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා හා ගුරුවරුන් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට අයදුම්පත් නිසි ලෙස යොමු නොකිරීම නිසා උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු තවමත් නිසි ලෙස ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.
එහෙත් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් මීට අමතරව ප්‍රා යෝගික පරීක්ෂණ කටුයතු අවසන් වෙමින් තිබෙන බවත් විභාග දෙපාර්තාම්න්තුව සඳහන් කරයි.උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම් ප්‍රමාද වීම නිසා පසුගිය වසරට අදාළවලබන මස 15 වැනි දින ආරම්භ වීමට නියමිතව තිබු සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් දැමීමට කටයුතු කර තිබේ.