හෙට ආරම්භවීමට නියමිත උසස්පෙළ විභාගයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1625ක් සේවයට යොදවා ඇතැයි පොලීසිය කියයි.
විභාග මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන, ප්‍රා දේශීය හා මධ්‍යම එකතු කිරීමේ මධ්‍යස්ථාන, ප්‍රශ්න පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන හා වෙනත් රහස්‍ය ලේඛණ ප්‍රවාහන කටයුතු වල ආරක්ෂක රාජකාරී සඳහා මෙසේ පොලිස් නිලධාරීන් යොදවා තිබේ.
මීට අමතරව විභාග පැවැත්වෙන දිනයන්හිදී දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන මගින් ක්‍රියාත්මක වන ජංගම සංචාර, පාමුර සංචාර ඇතුළු විවිධ සංචාරයන් මගන් විභාග මධ්‍යස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමුකර අවශ්‍ය ආරක්ෂාව සැපයීමට මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලෂ්ථානය වැඩිදුරටත් පවසයි.