උසස්පෙළ විභාගය අද (07දා) සිට මාර්තු 05වැනිදා දක්වා කාලය තුළදී විභාග මධ්‍යස්ථාන 2,438කදී පැවැත්වේ.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 345,242ක් පෙනීසිටින අතර, ඉන් 279,414ක් පාසල් අයදුම්කරුවන් සහ 66,101ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ.
කෝවිඩ් ආසදනය වන විභාග අපේක්ෂකයන් සඳහා දිස්ත්‍රික්ක 25 අවරණය වන පරිදි රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 29ක විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙන අතර, නිරෝධායන වන විභාග අපෙක්ෂකයන් සඳහාත් විශේෂ විභාග මධ්‍යස්ථාන සකස් කර තිබේ.
මේ අනුව තමන් පදිංචි දිස්ත්‍රික්කය තුළ පිහිටුවා තිබෙන විභාග මධ්‍යස්ථානයක් තුළදී හෝ තම නිවසට ආසන්න වෙනත් දිස්ත්‍රික්කයකට අයත් විභාග මධ්‍යස්ථානයක් තුළදී විභාගයට පෙනීසිටීමට මෙම ශිෂ්‍යයන්ට පහසුකම් සලසා තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිරෝධායනට ලක් වන පිරිස් ඒ පිළිබඳ තම විභාග මධ්‍යස්ථායේ ශාලාධිපතිවරයාට තමන් නිරෝධායන වන විභාග අපේක්ෂයෙකු බවට පැවසිය යුතු බවත්, මේ අනුව අදාළ අපේක්ෂකයාට විභාගයට පෙනීසිටීමට අවශ්‍ය පහසුකම් සලසන බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
විභාග ශාලා තුළට ස්මාර්ට් දුරකථන හෝ කිසිදු ඉලෙක්ට්‍රොනික් උපකරණයක් රැගෙන ඒමට අවසර නොමැති බවත්, විභාගයට අදාළ උත්තර පත්‍ර එකතු කිරීමේ අවසන් වන වෙලාව පිළිබඳ විභාග ශාලාව තුළ වරින් වර ප්‍රකාශය පත් කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේය.
මීට අමතරව විභාගයට පෙනීසිටින පිරිස් විභාගය පැවැත්වීමට විනාඩි තිහකට පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
උසස් පෙළ විභාගයට පෙනීසිටින පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍රය තවමත් ලැබී නොමැති නම් %www.doenets.lk^ වෙබ්අඩවියෙන් විභාග ප්‍රවේශ පත්‍රය ලබාගත හැකි බවද එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේය.
මෙවර විභාගයට අදාළ ප්‍රවර්ධන කටයුතු මේ මස 01වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන මාර්තු 05වැනිදා දක්වා සිදුකිරීම තහනම් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
මේ නිසා මෙවැනි කටයුත්තක් සිදුකළහොත් විභාග පනතට අනුව වරදකරුවන් වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ඒ අනුව විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂානුබද්ධ දේශන පැවැත්වීම, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම, සමාන ප්‍රශ්න ලබාදෙන බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම, අත්පත්‍රිකා බෙදාහැරීම සපුරා තහනම් වේ.
මෙවැනි ක්‍රියා සිදුකළහොත් ඒ පිළිබඳ 1911 හේ 011-27852511 හෝ 011-2785212 යන දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දෙන ලෙසත්, එසේ නොමැති නම් 119 හෝ 011-2421111 යන දුරකථන අංකය මගින් පොලීසියට හෝ දැනුම්දෙන ලෙසත් සඳහන් කරන විභාග දෙපාර්තමේන්තුව, ළඟම පොලීසියට පැමිණිලි කළ හැකි බවද වැඩිදුරටත් පවසා සිටියි.