උපාධිධාරීන් කොන් වුණොත් ගෙල වැළලාගන්න වෙනවා
විශ්වවිද්‍යාල තුළ මැරයෝ ඉන්න බවට පැතිර යන ප්‍රචාරය සමාජයෙන් ගලවා ගැනීමට නොහැකි වුවහොත් සියයට අනූ පහක් පමණ නිර්දෝෂී සිසුන්ගේ අනාගතයට අභියෝගයක් එල්ල විය හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය වෙනුවෙන් සිසුන් දෙදහසකට පමණ එකවර අධ්‍යාපනය ලැබිය හැකි මහල් පහකින් සමන්විත අභිනව "විමල ධම්ම" මන්දිර (16) දා විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවක් අමතමිනි .
"විශ්වවිද්‍යාල තුළ සියයට අනූ පහක්ම \අධ්‍යාපන ලබන්නෙ නරක වචනයක්වත් කතා නොකරන ළමයි. ඒත් ඉතා සුළු පිරිසකගේ ක්‍රියා කලාප නිසා විශ්වවිද්‍යාල තුළ මැරයො ඉන්න බවට මතයක් සමාජගත වෙලා තියෙනවා. මේක අපිට ලොකු අභියෝගයක්. මේ මතය සමාජයෙන් ගලවගන්න ඕනි. ඒක අපිට කරගන්න බැරි උනොත් රත්තරන් උපාධිය අරන් පාරට බහින ළමයි සමාජයෙන් කොන් වෙන්න පුලුවන්. එහෙම උනොත් අපි මොකද කරන්නෙ. එදාට වෙන්නෙ අපිට බෙල්ලෙ වැළ දා ගන්න.
පසුගියදා පේරාදෙණිය හිටපු උපකුලපතිවරයාට මුහුණ දෙන්න සිදු වූ දේ ඉතාම කනගාටු දායකයි. මේ පහර දීමට සම්බන්ධ සිසුන් සම්බන්ධයෙන් මම පසුගියදා ප්‍රකාශයක් කළා. මමත් හිටපු උප කුලපතිවරයෙක්. නමුත් අපේ මයිලකටවත් එක ළමයෙක්වත් අත තියල නෑ. උඹ අපිට එපා කියල කවුරුවත් කියලත් නෑ. එහෙම කළානම් මමනම් එක මොහොතක්වත් ඉන්නෙත් නෑ .
එදා අපිත් ළමයි හතළිහක් පනහක් විතර ගෙදර යැව්වා. හැබැයි ඒ ළමයි ගෙදර යැව්වෙ නිකම්ම නෙමෙයි ඔවුන්ගේ වගකීම අපි අරගෙන. අන්න ඒකයි අපේ දැක්ම .ඒ දැක්ම ක්‍රියාත්මක කරන්නයි අපි මේ තනතුරුවලට ඇවිල්ල තියෙන්නෙ.අවුරුදු හතරක් පහක් වැඩ කරල නිකම්ම යන්න නෙවෙයි.
දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන සියලුම සිසුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ විශ්ව විද්‍යාලයට ඇතුළු වූ දා සිට ඉන් පිටව යන මොහොත දක්වා ඉතා විනයගරුක හා ශිෂ්ඨ සම්පන්න ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය හදාරා ආදර්ශමත් පුරවැසියෙකු ලෙස සමාජගත වන ලෙසයි"
ශාන්ත ප්‍රදීප් කුලරත්න
popular news
-
Kumar Sunday, 18 December 2022 03:19 PM
"eka makumayi lamayo kanney ayi okkoma makuno maranney" kiyan ekada oba thuma kiyanney. upakulapathi thumeykuta paharadena thirisannu iwath kanarran oney.
Reply : 0 0
sg Sunday, 18 December 2022 06:13 PM
It needs to enhance the quality of the lectures as well.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

