විවිධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයන්ගේ උපයන විට ගෙවන බදු එම ආයතන විසින් ගෙවා දැමීම නතර කිරීමට අදාළව ඉදිරියේදී චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
"විවිධ රාජ්‍ය සංස්ථාවල සේවක ගිවිසුම්වල උපයන විට ගෙවන බදු අදාල ආයතනය මගින් ගෙවිය යුතු බවට සඳහන්ව තිබුණා. හැබැයි දැන් අපිට එවැනි අකාරයේ අකාර්යක්ෂමතා කරන්න බෑ.
මේ ගැන පැහැදිලිව නිරවුල්ව සොයා බලා පැහැදිලි චක්‍ර ලේඛයක් ආයතනවලට යැවීමට නියමිතයි. කිසිම ආයතකයක් උපයන විට ගෙවන බදු ගෙවන්න බෑ."