විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බවත්, ඒ හරහා ඩොලර් මිලියන 100ක මුදලක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය
මෙම වාහන ගෙන්වීමට අදාල ණයවර ලිපි නිකුත් කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙසට ජනාධිපතිතුමා අවස්ථා තුනකදී දැනුම්දී ඇති නමුත් උපන්දා සිට මුදල් අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් එයට අවශ්‍ය පියවර ගෙන නොමැති බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශයේ වැය ශීර්ශ විවාදයට එක්වෙමින් පැවසුවේය.
"අපි කිව්වා ඩොලර් මිලියන 500ක පංගු කාරයෙක් වෙන්න කියලා විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලපු වෙලාවේ අපේ විදේශගත ශ්‍රමකියන් ඉතාම ධනාත්මක විදිහට ප්‍රතිචාර දැක්වූවා.
අපිට මුලින්ම සල්ලි බැංකු හරහා එවන්න කියලා කියන්න දැන්වීමක් හදන්නවත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. ඒ වෙලාවේ අපේ හිතවතුන්ගේ පුද්ගලිකව සල්ලි ටිකක් එකතු කරගෙනයි පළමුවෙන් දැන්වීම් ටික හදලා ඒ වඩා පළකරලා රටට බෙහෙත් ටික ගන්න, තෙල් ගහන්න, දරුවට කිරිපිටි එක ගන්න පුළුවන් වෙන්න සල්ලි එවන්න කියලා ඉල්ලුවා.
ඒ වෙලාවේ අපේ විදේශගත ශ්රමකියෝ අර දේශපාලන මතවාද වලට අහුවෙන්නේ නැතිව රට ඇතුලතට සල්ලි එව්වා. එහිදී රට ඇතුලට සල්ලි එවීමේදී විදේශගත ශ්‍රමිකයින්ට නිසි ගෞරවයක් ලබාදීම සිදුකරන්න වුනා. ඒකට විශාල වැඩපිළිවෙලක් දියත් කරන්නත් වුනා.
මේ ව්‍යපෘති සඳහා අපිට සහය ලබා දුන්න අමාත්‍යංශයේ නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යංශය, රට මේ තැනට ගෙන එන්න විශාල සහයක් ලබා දුන්නා. එහිදී තානාපති සේවයේ ඉන්න අපේ නිලධාරීන් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කළා. බැංකුත් ඒ සඳහා අපිට උදව් කළා.
විදේශ රටවලුත් අපිට සහයක් දුන්නා. එහිදී අපේ ශ්‍රමිකයින් ඔවුන් ගත්තා. අපේ ශ්‍රමිකයින්ට ඉඩකඩ හදලා දුන්නා. ඒ ඔස්සේ අපිට හිමි අවස්ථා පුළුල් කරලා දෙන්නත් කටයුතු කලා. ඒ නිසාම මැදපෙරදිග ඇතුළු සියලුම රටවලට අපේ ස්තූතිය පුද්කරන්න කැමතියි. ජාත්‍යන්තර කම්කරු සංවිධාන්ය ඒ වගේම අයි ඕ එම් ආයතනය ඇතුළු ආයතනය වලටත් අපි අපේ ස්තූතිය පළකරනවා.
විදේශ විනිමය ලැබීම් වර්ධනය කරගන්න අපි ඉලෙක්ට්‍රික් වාහන බලපත්‍රක්‍රමයක් හදුන්වාදුන්නා. එතනදි අපි දළ වශයෙන් විද්‍යුත් වාහන නවසීයකට ආසන්න සංඛ්‍යාවකට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඒ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩි මුදලක් රට තුලට ඇවිල්ලා තියෙනවා.
ඒ වගේම ණයවර නිකුත් කිරීම දීර්ඝ කරන්න තියෙනවා ඒත් ජනාධිපතිතුමා ඉල්ලීම් කරලත් මහා භාණ්ඩාගාරය තවමත් ප්‍රතිචාර දක්වලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගෙ කාලයෙත් මහා භාණ්ඩාගාරය ඇතුලේ හිටියෙ එකම නිලධාරීන් පිරිසක්.
උපන්දා සිට මහා භාණ්ඩාගාරයේ ඉන්න නිලධාරීන් ඉන්නවා. ඇත්තටම ඔය ආර්ථිකය වැටුනා කියන කාලයෙත් හිටියේ මේ අයමයි. ඒ අය තවමත් රටට අත්‍යාවශ්‍ය වෙලාවේ රටට ඩොලර් මිලියන ගණනක් ගෙන්ලා තියෙන මිනිස්සුන්ට දීපු මේ ප්‍රතිලාභය විශේෂයෙන් මේ වාහනය ගෙන ඒමට අදාල ණයවර ලිපිය විවෘත කරන එකේ දිනය දීර්ඝ කිරීමට කල් අරගන්නවා.
අපි දන්නේ නැහැ මේ අයගේ දේශපාලන මත මොනවාද කියලා. අර රටට සල්ලි එවන්න එපා කියපු අය වගේම රට වට්ටන්න උවමනාවක් තියෙන අයද කියලත් ජනාධිපතිතුමාත් අපි සියලුදෙනාමත් අපි අවධානය යොමු කළයුතුයි.
මේ වගේ නිලධාරින් එක්ක රට අමාරු තත්ත්වයකට වැටිල ඉන්න අවස්ථාවක ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලත් අවධානය යොමු කළයුතුයි.
ගුවන්තොටු පොලේ දී අපි විදේශගත ශ්‍රමිකයින් එවල ලද මුල් ප්‍රමාණය අනුව තීරු බදු සහන ලබා දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. එහිදී වැඩියෙන් මුදල් එව්වා නම් වැඩියෙන් තීරු බදු සහන ලබාදෙන්නත් එහිදී තීරණය කළා. හැබැයි මේවා කැබිනට් එක අනුමත කරලා කැබිනට් එක් ගැසට් එකත් ගහල තියෙද්දිත් තවමත් රේගුවට මේ බදු සහනය ලබා දෙන්න බැරිවෙලා තියෙනවා.
කැබිනට් එක, ජනාධිපතිතුමා මේ සියල්ල තීරණය කරලා තියෙද්දිත් නිලධාරීන් තවමත් මේ සඳහා සහය ලබා දී නැහැ.
ලංකාවෙන් යන සෑම ශ්රමිකයෙකුගෙන්ම නීත්‍යානුකූලව මුදල් එවන බවට සෑම ශ්රමිකයෙකුගෙන්ම දිව්රුම් ප්‍රකාශයක් ලබා ගත්තා. ඒ විදහට තමයි අපි රටතුලට විදේශ මුදල් ගෙන්වා ගන්න කටයුතු කළේ.
මීට අමතරව විදේශ රැකියා නියෝජිත ආයතන වලට ලැබෙන කොමිස් මුදල් පවා බැංකු හරහා ගෙන්වා ගතයුතුයි කියලා කිව්වා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවා සිදුකළා. මනුසිව බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ඔස්සේ විදේශ ගත ශ්‍රමිකයින්ට සියයට 8ක පොලියට මිලියන දෙකක මුදලක් ලබා ගන්න පුළුවන්.
නිවාස සංවර්ධන අධිකාරිය සමඟ එකතුවෙලා නිවසා ව්‍යාපෘතියක් ආරම්භ කළා. එහි මුල් අදියර මේවන විටත් ක්‍රියාත්මකයි.
ගුවන්තොටුපොලේදී විදේශගත ශ්‍රමිකයින්ට නිසි ගරුත්වය ලබාදෙන්න හෝප් ගේට් නමින් විශේෂ ද්වාරයක් විවෘත කළා. එතනදි එහිදී අපේ විදේශගත ශ්‍රමිකයින් හට වැඩියෙන් සලකන්න සහවෙන්න වෙනම කණ්ඩායමක් යොදවලා විදේශගත වෙන්න අවශ්‍ය වැඩපිලිවෙලත් අපි සකස් කළා.
සමහර වෙලාවට ආගමන විගමන එකෙන් මේ සඳහා පොඩි පොඩි කුඩම්මාගේ සැලකිලි ලැබෙනවා කියලත් අපිට වාර්තා වෙනවා. මීට අමතරව පළමුවරට විදේශ රැකියා සඳහා පිටත්ව යන කාන්තාවන්ගේ පවුල් වලට වවුචර්පත් නිකුත් කරලා තියෙනවා."