අමාත්‍යාංශයීය උපදේශක කාරකසභා 09ක් සඳහා සාමාජිකයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ් අනුව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා අනුර දිසානායක , ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , (ආචාර්ය) සරත් වීරසේකර , අරුන්දික ප්‍රනාන්දු සහ (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ යන මන්ත්‍රීවරුන් පත්කොට තිබේ.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා පත් කරන ලද මන්ත්‍රීවරුන් වන්නේ කබීර් හෂීම් , (ආචාර්ය) හර්ෂ ද සිල්වා , ජගත් කුමාර සුමිත්‍රාආරච්චි , එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන අයයි.
එමෙන්ම වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා සාමාජිකයන් ලෙස තිස්ස අත්තනායක , ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , කේ. කාදර් මස්තාන් මහතා, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් පත් කර තිබේ.
එයට අමතරව ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා කබීර් හෂීම් , දිලුම් අමුණුගම , කනක හේරත් , අශෝක් අබේසිංහ සහ ගරු ලලිත් වර්ණ කුමාර පත් කොට තිබේ.
ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පත් කළ සාමාජිකයන් වන්නේ ඉම්තියාස් බාකීර් මාකාර් , ශාන්ත බණ්ඩාර , ගීතා කුමාරසිංහ , එස්. එම්. මරික්කාර් සහ සංජීව එදිරිමාන්න න මන්ත්‍රීවරුන් වේ.
එමෙන්ම, කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා පත් කළ මන්ත්‍රීවරුන් වනනේ ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර , සිවඥානම් ශ්‍රීතරන් , උදයකාන්ත ගුණතිලක , කුලසිංහම් තිලීපන් සහ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ .
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා තලතා අතුකෝරල , එච්. එම්. එම්. හරීස් , සිසිර ජයකොඩි , ජී. ජී. පොන්නම්බලම් සහ අනුප පස්කුවල් යන මන්ත්‍රීන් පත් කර ඇත.
විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා පවිත්‍රාදේවී වන්නිආරච්චි , දුමින්ද දිසානායක , කබීර් හෂීම් මහතා, නලින් බණ්ඩාර ජයමහ සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ.
කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා ජෝන් සෙනෙවිරත්න , වඩිවේල් සුරේෂ් , ඩී. බී. හේරත් , වේලු කුමාර් සහ (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා පත් කොට ඇත.