දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල පැවති තදබදය මේ වන විට සමනය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
සුපුරුදු පරිදි අද(03) උදෑසන 6.00ට බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් උදෑසන 8 වන විට ලංකා ඔටෝ ඩීසල් ලීටර් 415,740 ක්, සුපර් ඩීසල් ලීටර් 19,800ක් , 95 ලීටර් පෙට්‍රල් 39,600ක් , 92 පෙට්‍රල් ලීටර් 481,800ක් බෙදා හැර ඇතැයිද පැවසුවේය.
අනවශ්‍ය ලෙස තෙල් ඒකරාශි කිරීමෙන් වැළකී සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වා ගෙන ලෙසද ජනාතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.