උද්ධමන ඉලක්කය කරා අඛණ්ඩව ලඟා වීම පෙන්නුම් කරමින් කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 ඔක්තෝබර් මාසයේ දී තවදුරටත් ඉහළ ගිය බව මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට අනුකූලව යමින්, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත මතුපිට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.5හි සිට 2025 ඔක්තෝබර් මාසයේ දී සියයට 2.1 දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව වැඩිදුරටත් පවසයි.