පාර්ලිමේන්තුව අසළ පැවැති විරෝධතාවට හමුදා යතුරු පැදි එවීම වැරැද්දක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
තමන් එම සිදුවීමේ දර්ශන නැරඹූ බවත් අදාළ යතුරුපැදිවල අංක තහඩු පැත්තෙන් තිබුණ බවත් ඔහු ප්රකාශ කළේය.
"අවි ආයුධ අරගෙන ආපු එක අනුමත කරන්නේ නෑ. මේවා එව්වද ආවද කියලා දන්නේ නෑ. නිලඇඳුම් ඇඳගෙන ඉන්නකෙනෙක්ට පහරදීම වැරදියි.පොලීසිය හමුදාවට පහර දුන්නෙත්, හමුදාව පොලීසිය පහරදුන්නත් වැරදියි"