මහජන උද්ඝෝෂන හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හ කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුවට ගමන් කිරීමේ බාධා ඇතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අවට මාර්ගයන් වසා දමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ අනුව අද හා හෙට යන දිනයන්හිදී පහත දැක්වෙන මාර්ග වසා තැබෙනු ඇත.
දියත උයන මංසන්ධියේ (පොල්දූව මංසන්ධිය) සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්,
ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් (ඩෙන්සිල් කොබ්බෑකටුව මාර්ගය)
මේ අනුව වසා තැබෙනු ඇත.
පාර්ලිමේන්තු මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයන්ද එම කල සීමාව තුල වසා තැබෙනු ඇති බවත් විකල්ප මාර්ග නොමැති එම සීමාව තුළ පදංචි මහ ජනතාවට අනන්‍යතාව තහවුරු කර ගමන් කිරිමේ හැකියාව පවතී.