උදයලා ප්රශ්න වෙනුවට උත්ත්ර සොයයි
පරිසර දූෂණය අවම කිරීම, රට සතු සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට දායකවීම සහ පක්ෂ මූලස්ථානයේ මාසික වියදම් අවම කර ගැනීම අරමුණු කර ගනිමින් පක්ෂ සාමාජිකයන්ගේ දායකත්වයෙන් සූර්ය විදුලි ජනන පද්ධතියක් පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කෙරිණි.
මෙතෙක් කලක් ගෙවූ විදුලි බිල වෙනුවට මෙම පද්ධතිය මගින් ජනනය වන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම තුළින් ආදායම් උපයමින් එය පක්ෂ අරමුදලට බැර කිරීම කිරීමට මෙමගින් හැකියාව ලැබී ඇත.
"හරිත විදුලිය භාවිතයට ගනු ලබන දේශපාලන පක්ෂ මූලස්ථානයක් බවට " පිවිතුරු හෙළ උරුමය " පක්ෂ මූලස්ථානය පත් කර ගනු ලැබුවේ අප පක්ෂයේ ප්රධානතම ප්රතිපත්තියක් වන පරිසර හිතකාමීත්වය මෙන්ම අර්බූදයේ දී කළ යුත්තේ විවේචන වෙනුවට උත්තර සෙවීමයි යන අපගේ සංකල්පය ද ප්රායෝගිකව ක්රියාවට නංවමිනි." යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

