උදයගෙන් ජනපතිට ලිපියක්
“රට යළි හදන මග” මැයෙන් ව්‍යසනයෙන් රට යළි ගොඩ නැගීම සඳහා වන යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද කටයුතු කළේය.
ඔහු ඉදිරිපත් කළ යෝජනාවලියේ සදහන් කරුණු පහතින් කෙටියෙන් දැක්වෙයි.
(i)ආපදාවෙන් සිදුවුණු මරණ පිළිබඳ විස්තරාත්මක සංඛ්‍යා ලේඛණ ප්‍රසිද්ධ කර ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩ නැගීම
(ii) දිත්වා කුනාටුවෙන් සිදුවුණු ආපදාව තීව්ර කිරීමට ආණ්ඩුවේ නොසැලකිල්ල දායක වූවාදැයි විමර්ශනය කර වගකිවයුතු අය වාර්තා කිරීමටත් මෙවැනි විපතක් යළි ඇතිවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම
(iii)දේපල හානි සඳහා වන්දි ගෙවීම පිළිබඳ නිශ්චිත සහ විස්තරාත්මක වැඩසටහනක් එළි දැක්වීම
(iv)මිය ගිය අයට වන්දි ගෙවීමේ දී තාර්කික වැඩසටහනක් දියත් කිරීම
(v)ආපදා කළමනාකරණ සභාව ස්ථාපිත කර එය වහාම කැඳවීම
(vi)ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන අමාත්‍යාංශයක් පිහිටුවීම
(vii) උපදේශන සේවා ලේකම් කාර්යාලයක් පිහිටුවීම
(viii) ඉන්දියාව, චීනය, ජපානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යුරෝපීය සංගමයේ සම සභාපතිත්වයෙන් ලෝක ආධාර සමුළුවක් කැඳවීම
(ix) රාජ්‍ය නොවන සංවිධාන සමුළුවක් කැඳවීම
(x) ණය ආපසු ගෙවීමේ සැලැස්ම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම සංශෝධනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම
(xi) නාය යෑමේ සහ නිරතුරු ජල ගැලීම් වලට ගොදුරු වීමේ අවදානමක් ඇති ජනතාවට විකල්ප ජනාවාස ලබා දීම
(xii) ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය
(xiii) හිටපු ජනාධිපතිවරුන්ගේ උපදේශාත්මක සහය ලබා ගැනීම
(xiv) රාජ්‍ය යාන්ත්‍රණය සවිබල ගැන්වීම සඳහා රාජ්‍ය සේවයේ ගෞරවය දිනා ගත් පලපුරුදු පරිපාලන නිලධාරියෙකු ජනාධිපති ලේකම් තනතුරට පත් කිරීම
(xv) හදිසි ආපදාවක දී රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කිරීමට අවශ්‍ය පත්වීම් සිදු කිරීම
(xvi)ආපදාවට ලක්විය හැකි ජනතාවට ක්ෂණිකව ආපදාව පිළිබඳ අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් සැකසීම
(xvii) 2026 වසර සඳහා සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීම
(xviii) කැපකරු ක්‍රමවේදයන් බිහි කිරීම
(xix)විපතට පත් වූවන්ට ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ලබා දීම
(xx) විපතට පත් වූවන්ගේ දේපල වෙන්දේසි කිරිම වසර තුනකින් කල් දැමීම
(xxi) නිවාස ප්‍රතිසංස්කරණය සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීම
(xxii) ව්‍යවසායකයින්ට කාරක ප්රාග්ධනය සැපයීම
(xxiii) රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශයට සිදු කිරීමට ඇති සියළුම ගෙවීම් කඩිනමින් සිදු කිරීම
(xxiv) ආහාර සුරක්ෂිත වැඩසටහනක් ක්ෂණිකව සැකසීම
(xxv) නාගරික කෘෂිකර්මය ඇතුළු ගෙවතු වගාව ප්‍රචලිත කිරීම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

