උදයගෙන් ඇමති නලින්දට අභියෝගයක්
හය වතාවක් තමන්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවත් හැකිනම් තමාව අත්අඩංගුවට ගන්නා ලෙස ඇමති නලින්ද ජයතිස්ස මහතාට අභියේග කරන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහත පැවැසිය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.
"පසුගිය සතියේ ආණ්ඩුවේ මාධ්‍ය හමුවේ දී ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා ගම්මන්පිල 27 දා නඩුවෙන් අත්අඩංගුවට පත් නොවුණොත් 31දා පාස්කු මහ මොලකරු හෙලි කරාවි යැයි කිව්වා. පුළුවන් නම් 27දාට මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න කියලා මම නලින්ද ඇමතිතුමාට අභියෝග කරනවා. හය පාරක්ම අත්අඩංගුවට ගන්න හදලා දැන් හති වැටලා වැඩේ අත් හැරලා කියලා අපි හිතුවේ.
ගරු ඇමතිතුමනි, මම අත්අඩංගුවට පත් වෙන්න හොරකම් මැරකම් සල්ලාලකම් කරලා නෑ. ආණ්ඩුවට අයිති බෝල්පොයින්ට් පෑනක්වත් ගෙදර ගෙනිහින් නෑ. ඒ නිසා ඔබතුමාලගේ ඇමතිවරුන්ගේ මට්ටමින් මාව මනින්න එපා කියලා ඉල්ලා සිටිනවා. අපි වැරදි වැඩ කරලා නැති නිසා තමයි කොන්ද කෙලින් තියාගෙන ඔබතුමාලාගේ ආණ්ඩුව බලයට පැමිණි දවසේ ඉඳන්ම වැරදි දේට වැරදියි කියන්නේ.
ඔබතුමාලා බොරු චෝදනා මත අත්අඩංගුවට අරගෙන උසාවි ඉදිරිපත් නොකර රැඳවුම් නියෝග මත මිනිස්සු තියා ගන්න රුසියොනෙ. පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ යන දෙදෙනාටම කලේ ඒකනේ. ඒ නිසා මහ මොලකරු හෙළි කරන එක නවත්වන්න බොරුවට අත්අඩංගුවට ගන්න පුළුවන් බව අපි දන්නවා. ඒකට අපි සුදානම්. අපි අත්අඩංගුවේ හිටියත් නිදහසේ හිටියත් මහ මොලකරු හෙළි කරන පොත මාර්තු 31දාට නිකුත් වෙනවා. ඒ වගේම මා ජීවතුන් අතර සිටියත් නැතත් මහ මොලකරු හෙළි කරන පොත මාර්තු 31දාට දොරට වඩිනවා."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

