නොවැම්බර් මාසයට යෙදී ඇති මහවිරු සැමරුම් උතුරු පළාතේ සිදුකරන පුද්ගලයින් වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.
මහවිරු සැමරුම් සිදුකරන පාර්ශවයන් විසින් කුමන හෝ අයුරකින් ත්රස්ත සාමාජිකයින් හෝ එම සංවිධානය පිළිබඳ ප්රචාරයක් හෝ ප්රදර්ශනාත්මක සැමරීමක් සිදුකරනු ලබන්නේ නම් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ත්රියාත්මක කරන බවට උතුරේ ආරක්ෂක අංශ විසින් දැනුම් දෙනු ලැබීය.
නොවැම්බර් මස 26 වනදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වෙලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දිනය යෙදී තිබෙන අතර නොවැම්බර් මස 27 වනදා මහවිරු දිනය සැමරීම යුදසමයේ සිට පැවත එන්නකි.




යුද්ධයෙන් පසුව උතුරේ දේශපාලන නියෝජිතයින් ඇතුලු විවිධ පාර්ශවයන් විසින් මහවිරු සැමරුම් සිදුකරනු ලැබුවේ යුද්ධයේදී මිය ගිය මහවිරු පවුල් සිහිකරන බව පවසමිනි.
කෙසේ වෙතත් මේ දිනවල වව්නියාව , කිලිනොච්චිය, මුලතිව් , මන්නාරම සහ යාපනය දිස්ත්රික්කයන්හි මහවිරු සැමරුම් සිදුකරන පුද්ගලයින් විසින් භූමිය පිලිසකර කොට පූර්ව මහවිරු සැමරුම් සිදුකරනු ලබයි.
මේ අතර උතුරු පලාතේ ලොකුම මහවිරු සැමරුම් සිදුකෙරෙන කිලිනොච්චිය කනකපුරම් මහවිරු සැමරුම් ස්මාර්ක සහිත ස්ථානයේ භූමිය එලිපෙහෙලි කොට එහි පූර්ව මහවිරු සැමරුමක් සිදුකිරීමටද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වූ එස්. ශ්රීධරන් මහතා ඇතුලු පිරිසක් විසින් පියවර ගන්නා ලදි.