උතුරේ තිබෙන පුරා විද්‍යා ස්ථාන පිළිබඳව එම ප්‍රදේශයන් හී මන්ත්‍රීතුමන්ලා පාර්ලිමේන්තුව තුළ වරින් වර ප්‍රශ්න මතුකෙරෙන බැවින් පවතින ගැටළු සාකච්ඡා කිරීම සඳහා, එම මන්ත්‍රීවරුන් සඳහා විෂය භාර අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශය ආරාධනා කර තිබුණා. ඒ අනුව මෙම සාකච්ඡාව සෙත්සිරිපාය සංස්කෘතික අමාත්‍යංශයේ දී පසුගියදා පැවැත්වුණා.
කුරුන්දිමලේ සහ වඩුකනාරි වල තිබෙන නීතිමය කටයුතු වලින් අනතුරුව සියළු දෙනාටම එකඟ විය හැකි වැඩපිළිවලක් සකස් කිරීමට සියළු දෙනා මෙම සාකච්ඡාවේ දී එකඟ වුණා. එසේම මෙහි දී ශිවන් කෝවිලක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රශ්න සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර එහි මැනුම් කටයුතු තාවකාලිකව නතර කිරීමට එකග වුණා.
මෙහි දී දෙපාර්ශවයේම එකඟතාව ඇතිව යම් යම් තීන්දු තීරණ වලට එළඹීමට ද හැකියාව ලැබුණා. එසේම ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව අමාත්‍යතුමා විසින් අමාත්‍යංශ බලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.
සාකච්ඡාව අවසානයේ දී අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ පිළිබඳව සිය අදහස් දක්වමින්, පුරාවිද්‍යා සාධක යනු ජාතියකට හෝ ආගමකට අයත් දෙයක් නොවන අතර එය මුළු රටටම පමණක් නොව ලෝකයටම අයිති සම්පත් බවත් රටේ ගමන් මග පිළිබඳ ඉතිහාසය මේ මගින් පිළිබිඹු කරන බවත් ජාති ආගම් බැහැර කොට මිනිසුන් ලෙස එකිනෙකා අතර අවබෝධයක් ගෞරවයක් ඇතිව, සියළු දෙනාම එකට එක් වී කටයුතු කළ හැකි නම් එය රට වෙනුවෙන් ගත හැකි වටිනා තීරණයක් බවත් ප්‍රකාශ කළා.
තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවැසුවේ ප්‍රශ්න ඇතිකර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම අහිංසක ජනතාව දැඩි පීඩනයකට අපහසුතාවයකට ලක් වන බවද එම නිසා දෙපිරිසම සැකයෙන් තොරව අවබෝධයෙන් මෙම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම රටක් වශයෙන් බොහෝ වැදගත් වන බවයි.
