උතුරේ අවතැන් වුවන් බලන්න නාමල් යයි
උතුරු පළාතේ ගංවතුර හේතුවෙන් වැඩිම විපතට පත් වූ කිළිනොච්චිය හා මුලතිව්හි ජනතාව හමු වී ආධාර ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (25) දින සංචාරයක නිරත වූහ.
කිළිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පිහිටි සුභසාධන කඳවුරක් වෙතට ගිය නාමල් රාජපක්ෂ මහතා එහි සිටි වැසියන් සමග සාකච්ඡා කොට ජනතාවට හැකි අයුරින් ආධාර කරනු ලැබීය. අනතුරුව මුලතිව් මණ්නාකණ්ඩල් ප්‍රදේශයේ පිහිටි සුභසාධන මධ්‍යස්ථානයක් වෙතට ගොස් එහි සිටි වැසියන් හමු වී ඔවුන්ට අවශ්‍ය වියලි ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර එහි සිටි වැසියන්ටද හැකි අයුරින් ආධාර ලබා දීමට පියවර ගනු ලැබීය.
අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ,
‘අපි ආරාධනා කරනවා මේ රටේ සියලුම දෙනාට කිසිම පැකිලීමකින් තොරව ඔබ සියලු දෙනා එකතු වෙලා මේ විපතට පත්වෙලා ඉන්න ජනතාවගේ ජීවිත, නිවාස ගොඩනගන්න දරුවො පාසල් වෙතට යවන්න සෞඛ්‍ය පහසුකම් දෙන්න එදිනෙදා ජීවිතය ගොඩනගාගන්න එකතුවෙන්න කියලා. කැබිනට් අමාත්‍යංශයක හෝ නියෝජ්‍ය අමාත්‍යංශයක දිවුරුම් දීලා ලෝකේ වටේ සවාරි සංචාර යන්නැතිව මේ ජනතාවට උදව් කරන්නයි ඕන. මේ වෙලාවේදී කිසිම දේශපාලනඥයෙකුගේ පක්ෂයක් වැඩක් නැහැ මේ ජනතාවට උදව්වයි අවශ්‍ය කරන්නේ” යනුවෙන් ඔහු පැවසීය.


popular news
-
Batangala Wednesday, 26 December 2018 01:22 PM
මෙයා ද්‍රවිඩ චන්ද හිඟමන පටන් අරන් වගේ.
Reply : 0 2
Nandana Wednesday, 26 December 2018 01:32 PM
හොර සල්ලි දැන් ලග තිබුනත් වැඩක් නැහැ , කවද හරි මාට්ටු වෙනවා . සහනාදාර බෙදල චන්ද ගන්න හරි උත්සහ කරනවා වගේ.
Reply : 0 2
rocky Wednesday, 26 December 2018 01:45 PM
ඔවු ඉතින් ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් පහල වෙච්ච සල්ලිවලට මොනවා හරි කොරන්නත් එපාය!
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
