“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය උතුරු මැද පළාතේ මහජන අදහස් විමසීම ඊයේ (27) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ. එම දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි ජනතාව මෙහිදී අදහස් දැක්වූහ.
අනීතිකව සිදුවන අයථා අන්‍යාගම්කරණය මෙම පළාතේ සීඝ්රයෙන් ක්‍රියාත්මක වන බවටත්, එය වහා නැවැත්වීමට නීති සම්පාදනය කළ යුතු බවත් පූජ්‍ය කන්තලේ රාහුල, මැදිරිගිරියේ සීවලී, අලුත්වැවේ පේමරතන, දොම්පේ ශාන්ති විහාරී, දිඹුලාගල රාහුල හිමිවරු සහ ඥානරත්නම් කුරුක්කල්තුමා ඇතුළු හින්දු භක්තිකයන් නියෝජනය කරන පිරිසක් ද තම අදහස් ප්‍රකාශ කළහ.
පොළොන්නරුව ජල ගැලුම් නිම්නය වනෝද්‍යානය ඇතුළු රටේ සියලු ජාතික වනෝද්‍යාන ආරක්ෂා විය යුතු බවත් වන සංහාරයට එරෙහිව සියල්ලන්ටම සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පූජ්‍ය නිකපිටියේ චන්දිම හිමියෝ පෙන්වා දුන්හ.
වැලි ජාවාරම්වල නිරත වන පුද්ගලයන්ට හා ඔවුන්ගෙන් අයතා ලෙස මුදල් ලබා ගන්නා රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බව නිරෝෂණී සුනේත්‍රා කුමාරි මහත්මිය පැවසුවාය. වැලිමංකඩ බෙදා දීමේදී අදාළ ප්‍රදේශයේ ජනතාවට ප්‍රමුඛතාව ලැබිය යුතු බවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මුදලට යටවීම වැළක්විය යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.
යුධ සමයේදී සිය ගම් බිම් අතහැර ගිය ජනතාව නැවත පදිංචි කරවීමේදී ඉඩම් නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවීම සහ වැලිකන්ද වැනි ප්‍රදේශවල ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් ඉඩම් බලතල, තමා අයත් ජන වර්ගයට විශේෂ පක්ෂපාතීත්වයක් සහිතව ක්‍රියාත්මක කිරීම නිසා ප්‍රදේශයේ ජනතාව, විහාරස්ථාන හා කෝවිල් වැනි ආගමික ස්ථාන ද දැඩි පීඩනයකට පත්ව ඇති බව පෙන්වා දුන් එච්. එම්. සිරියලතා, සිවලිංගම් සිවසුන්දරම්, වෛද්‍යාචාරිණී තිලකාවතී යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිස රාජ්‍ය නීති සියලු ජන කොටස්වලට සමානව ක්‍රියාත්මක විය යුතු බව පැවසූහ.
