එකදු හෙදියක්වත් නොමැති ප්‍රාදේශීය රෝහල් 33 ක් උතුරු පළාත තුළ පවතින බවට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.
ඒ අනුව ඉදිරියේ දී නව හෙද පත්වීම් ලබාදීමත් සමග අදාල පුරප්පාඩු සපුරාලීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වෛද්‍ය උපකරණ සහ ගිලන් රථ ඇතුළු රථවාහන අළුත්වැඩියා කටයුතු අංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දුර්වල බවත්, ඉදිරියේ දී මිල අධික වෛද්‍ය උපකරණ හා ගිලන් රථ ඇතුළු වාහන ලබාදීමේ දී එම භෞතික සම්පත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ආයතන සමඟ කළමනාකරණයට කටයුතු යොදන බවත්ය.
එසේම ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන රට පුරා ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට පසුගිය මාස කිහිපයේ සිට සවිස්තර සැලසුමක් සකස් කරමින් සිටින බව ද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සදහන් කරයි.