උතුරු නැගෙනහිර පුරාවිද්‍යා හා බෞද්ධ විහාර ගැන ශේෂ්ඨාධිකරණයට පෙත්සමක්
උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක කලාප හා බෞද්ධ විහාරස්ථාන ආරක්ෂා කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයට නියම කරන්නැයි ඉල්ලමින් නීතිඥ දර්ශන වේරදූවගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (28දා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
නීතිඥ දර්ශන වේරදූවගේ මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, මුලතිව්, උප්පුවේලි සහ ඕමන්ත යන පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන්, බුද්ධශාසන කටයුතු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල යන මහත්වරුන් සහ නීතිපතිවරයා නම් කොට ඇත.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බෞද්ධ උරුමය විදහාපාන පෞරාණික කලාප විනාශ කිරීමේ ක්‍රියාදාමයක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බව සිය පෙත්සමේ සඳහන් කරන පෙත්සම්කරු, පසුගිය දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදු වූ සිදුවීම්වලින් ඒ බව පෙනෙන්නට ඇති බවද පෙත්සමේ සඳහන් කොට ඇත.
දෙමළ දේශපාලන පක්ෂ විසින් ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් 13ක් ඇතළත් යෝජනාවලිය මගින් මෙම අනතුර තවදුරටත් තීව්ර වී ඇතැයි පෙන්වාදෙන පෙත්සම්කරු අදාළ ඉල්ලීම් 13 ක්‍රියාවට නැංවුණහොත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි බෞද්ධ උරුමයන් විනාශ වීමේ අවදානමක් පවතින බවද පෙන්වා දී ඇත.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරු මෙම පෙත්සම විශේෂ විනිසුරු මඬුල්ලක් හමුවේ ඉදිරියේදී විභාගයට ගන්නා ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටියි.

popular news
-
Dayan Tuesday, 29 October 2019 10:18 AM
මෙහිදී සිදුවිය යුත්තේ බෞද්ධ උරුම සහ අනෙකුත් සියලුම ජන ප්‍රජාවගේ උරුමයන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමට රජයට නියම කිරීමය්.
Reply : 0 0
Champa Wednesday, 30 October 2019 11:27 AM
සිංහල බෞද්ධයන් වෙනුවෙන් දර්ශන වේරදූවගේ මහත්මයාට ස්තුති කරනවා මුළු හදවතින්ම. සුළු ජාතීන්ට මුළු රටේම ජීවත් වෙන්න සහ අගමැ අදහන්න නිදහස තිබුනට සිංහල බෞද්ධයන්ට ඒ නිදහස නැහැ. අද අපිට අපේ උරුමය ඉල්ලලා උසාවි යන්න වෙලා. අනිත් එක උතුරේ අඟලෙන් අඟලට තියෙන්නේ බෞද්ධ සිද්ධස්ථාන වල නටබුන්. දැනටම බොහෝ පෞරාණික ස්ථාන විනාශ කරලා. ලංකාවේ ජනාධිපති වෙන්න ඕනේ කොන්ද පන තියන් තමන් සිංහල බෞද්ධයෙක් කියල කට ඇරලා කියන්න පුළුවන් මිනිහෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

