උතුරු නැගෙනහිර සත්ත්ව මරණවලට හේතුව හෙළිවෙයි
පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් 1660ක් පමණ මරණයට පත් විය. එමෙන්ම තවත් සතුන් විශාල ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් වූහ.මෙම හදිසි සත්ත්ව මරණ සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදු කර වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.
ඒ අනුව පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම සත්ව මරණ පිළිබඳ සිදු කරන ලද විමර්ශන පිළිබඳ වාර්තාව අද (13දා) කෘෂිකර්ම අමාත්‍යවරයාට ලබා දී තිබේ.
එම විමර්ශන අනුව මෙම සතුන් මිය යාමට හේතුව වසංගත තත්ත්වයක් නොව හුදෙක් අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය නිසා බව සනාථ වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
උතුරු නැගෙනහිර පළාත්වල සතුන් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරු වී සිටින නිසා හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් නිසා ඇති වූ අධික සීතලට එම සතුන් ඔරොත්තු දීමට අපහසුව ඇත. ඒ හේතුවෙන් ඇති වූ කම්පන තත්ත්වය මෙම මරණවලට හේතුවී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

