උතුරු නැගෙනහිර මිය ගිය සතුන්ට රුපියල් මිලියන 30ක වන්දි
පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ඇති වූ අධික සීත කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර මියගිව ගවයින්, හා එළුවන්ට වන්දි ලෙස රුපියල් මිලියන 30 ක ප්‍රමාණයක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.
2022 දෙසැම්බර් මාසයේ මුල් සතියේ බොංගාල බොක්කේ ඇති වූ මැන්ඩෝස් සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ අධික සීත කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත්වල ප්‍රදේශ රැසක ගවයින්, හා එළුවන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් වූහ.
මෙම මරණයට පත්වූ සතුන්ට වන්දි ලෙස ලබාදෙන මුදල් සඳහාඅදාල චෙක්පත් අද දින (14) කාෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පශු සම්පත් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය එල්. ඩබ්. එන්. සමරනායක මහතාහට බාර දුන්නේය. මිය ගිය සතුන්ට වන්දි මුදල් ලබා දීම උතුර හා නැගෙනහිර පළාත් කෘෂිකර්ම අධ්යක්ෂවරුන් මගින් සිදු කිරිමට නියමිතය.
මේ යටතේ වන්දි මුදල් ලබා දීම සඳහා උතුරු පළාතට රුපියල් මිලියන 18.53ක් හා නැගෙහිර පළාතට රුපියල් මිලියන 11.9ක් වශයෙන් වෙන් කර තිබේ.
ශීත කාලගුණික තත්ත්වය නිසා උතුරු පළාතේ ගවයින් 514ක්, ගවපැටවුන් 630ක්, එළුවන් 305ක් හා එළුපැටවුන් 144ක් ද මරණයට පත්විය.
එමෙන්ම නැගෙනහිර පළාතේ ගවයින් 423ක්, ගව පැටවුන් 299ක්, එළුවන් 65ක් හා එළු පැටවුන් 45ක් වශයෙන් මරණයට පත් විය.
ගවයෙක් සඳහා රුපියල් 20,000ක්, ගව පැටවෙක් සඳහා රු. 10,000ක්, එළුවෙක් සඳහා රු. 5000ක් හා එළු පැටවෙක් සදහා රු. 3000ක් වශයෙන් වන්දි මුදල් ලබා දීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

