කලු කඩ ඩොලර් උපයෝගී කරගෙන උතුරු කොරියාවේ ආයුධ මිලදී ගත් බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කරනු ලැබුවේ යැයි පළවන වාර්තා අසත්‍ය බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍යාංශය නිවෙදනයක් නිකුත් කරමින් පවසයි.
මේ පිළිබඳව විදේශ අමාත්‍යවරයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි බවත් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවට මුදල් අමාත්‍යවරයා සඳහන් කළ බවත් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.