උතුරුමැද පළාත් සභාව උණුසුම් තත්වයක්
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීමේ දොරටුව අවහිර කර උද්ඝෝෂණයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු 22ක් අද(6) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මේ අතර සමස්ත ලංකා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ හිටපු කැඳවුම්කරු ධම්මික මුණසිංහ ඇතුළු පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තා සාමාජිකාවන් 11 සිටියහ.
පොළොන්නරුව වැලිකන්ද වැනි දුෂ්කර ප්රදේශවල සිට කුඩා ළමයින් සමග කුස ගින්නේ පිරිස් මෙම ස්ථානයට පැමිණ සිටින බවත්, උතුරු මැද පළාතේ ඇති පුරප්පාඩු වලටත් වඩා අඩු, රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පලාත තුල සිටින බැවින් ඔවුන්ට රැකියා ලබා දීමට ක්රියා නොකරන්නේ මන්දැයි මෙම පිරිස ප්රශ්න කර සිටියහ.
අද (6) උදෑසන දහයට පමණ පළාත් සභා ප්රධාන ගේට්ටුවෙන් පලාත් සභා භූමියට ඇතුළු වූ එම රැකියා විරහිත උපාධිධාරීහු පිරිස, උතුරු මැද පළාත් සභාවේ පිට වන හා ඇතුළු වන දොරටු සියල්ල අවහිර කරමින් බිම වාඩි වී උද්ඝෝෂණයේ නිරත වූහ.

.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
