එළඹෙන නත්තල් උත්සව සමයේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් වෙලදපොලට ලබාදිට නොහැකි විම හමුවේ දේශිය වෙලදපොලේ එළවළු මිල තවදුරටත් ඉහල යන බව සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අවධාරනය කරයි.
අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අද (30දා) නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් කැදවමින් ඒ බව පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අරුණ ශාන්ත හෙට්ටිආරචිචි මහතා කියා සිටියේ රටේ පාලකයින් විසින් මෙරට කෘෂිකර්මාන්තයට සිදු කල මහ විනාශය හේතුවෙන් එළවළු වගාවේ නිරතව සිටි කුඩා පරිමාණ හා මධ්‍ය පරිමාණ ගොවින් රැසක් එළවළු වගාවෙන් මේ වන විට ඉවත් වි ඇති බවයි.
දේශිය අර්තාපල් කිලෝවක් රුපියල් 440 ක් දක්වා ඉහල මිලකට මේ දින වල මිලදි ගන්නා බවත් , එයට සමගාවිව කැරට් , ලික්ස් ඇතුළු උඩරට සහ පහතරට එළවළු වර්ග රැසකම ගැනුම් මිල ඉහල යැම් හමුවේ එළවළුවල සිල්ලර මිලද මේවන විට වැඩි වි ඇති බවයි.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් පිට පළාත් වල ආර්ථික මධ්‍යස්ථාන වලට දිනකට එළවළු කිලෝ ලක්ෂ දෙක හමාරක් පමණ එළවළු සැපයුමක් සිදු කලද පවත්නා තත්වය මත මේ වන විට නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට එළවළු කිලෝ හැට පන්දහසක් , හැත්තැ පන්දහසක් අතර ප්‍රමාණයක් දක්වා පහත වැටි ඇති බවයි සභාපති වරයා පැවසීය.