හැටන් ප්‍රදේශයේ සමාන්‍යපෙල උත්තර පත්‍ර පරික්ෂා කරන ගුරුවරුන් අද (20දා) උත්තර පත්‍ර පරික්ෂාව ආරම්භ කිරිමට ප්‍රථම උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේ පිහිටුවා ඇති උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරත වන ගුරුවරුන් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූහ.
උද්ඝෝෂණයේ නිරතව සිටි ගුරුවරුන් කියා සිටියේ උත්තර පත්‍ර පරික්ෂා කිරිමේ කටයුතු දිනපතා පස්වරු 4 පමණ වන තෙක් සිදු කරන බවත්, ඉන් අනතුරුව තම නිවසේ අවශ්‍යතාවයට භුමිතෙල් මිල දි ගැනිමට යාමේදි පොලිම් වලින් පරිබාහිරව තමන්ට භුමිතෙල් ලබාදිමට ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසයි.
තවද තමන්ට ඉන්ධන පිරවුම්හල්වලින් ප්‍රමුඛතාවය මත වාහන වලට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලිමක් කර තිබුණද එම ඉල්ලිම් වලට ඇතැම් ඉන්ධන පිරවුම්හල් සේවකයින් නිසි ප්‍රතිචාර නොදක්වන බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි ගුරුවරුන් කියා සිටියේ.
සූම් තාක්ෂණය ඔස්සේ ළමුන්ට පන්ති පවත්වන ලෙස අධ්‍යාපන අමත්‍යංශය උපදෙස් ලබාදි තිබුණද ඒ සදහා අවශ්‍ය පහසුකම් ඇතැම් ළමුන්ට නොමැති බවත්, මෙම ගැටළු වලට කඩනමින් විසදුම් නොලැබුණ හොත් හෙට (21දා) සිට අපොස සමාන්‍යපෙල උත්තර පත්‍ර ඇගයිම් කටයුතු වලින් ඉවත්වන බවට උද්ඝෝෂණයේ නියැලි ගුරුවරුන් අවධාරණය කර සිටිහ.
විනාඩි 30 පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වි සිටි ගුරුවරුන් උද්ඝෝෂණයෙන් අනතුරුව සිය රාජකාරි සදහා වාර්තා කරනු ලැබුහ.
