කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ උත්තර දේවී නරගාන්තර සීඝ්රගාමී දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර අද (8දා) පෙරවරුවේ පීලී පැනීමකට ලක්ව තිබේ.
මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබේ. දුම්රියේ ඉදිරිපස ඒංජිම හා තවත් මැදිරියක් මෙසේ පීලි පැනීමකට ලක්ව තිබේ.
දුම්රිය නැවත පීලි ගත කිරීමට දුම්රිය දෙපාර්තතමේන්තුව කටයුතු කරමින් තිබේ.