උතුරු හා නැගෙනහිර පළාත්වල පරිපාලන භාෂාව සිංහල නෙමෙයි - මනෝ
ශ්‍රී ලංකාවේ සිවුවැනි ව්‍යවස්ථාවේ 22 වැනි වගන්තිය අනුව උතුරු හා නැගෙනහිර පළාත්හැර ඉතිරි පළාත් තුළ පරිපාලන භාෂාව ලෙස සිංහල භාෂාව දන්වා ඇති බවත් ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත් තුළ පරිපාලන භාෂාව දමිල භාෂාව බව විය යුතු බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
ඒ අනුව එම පළාත තුළ මුලින්ම දමිල භාෂාවත් පසුව සිංහල භාෂාව යොදා ගන්නා බවත් අනෙකුත් පළාත් තුළ මුලින් සිංහල භාෂාවත් පසුව දමිල භාෂාවත් යොදා ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ එය ප්රජාතන්ත්රවාදය බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින් වන විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවීමට හෝ තේරුම් ගැනීමට නොහැකි බවත් ඒ හරහා ශ්‍රී ලංකාවේ භාෂා ප්‍රතිපත්තිය තීරණය කිරීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.
එය ජාතිවාදය බව පෙන්වා දෙන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජනපතිවරයාට කිසියම් දිස්ත්‍රික්කයක භාෂාමය ජනගනත්වය සළකා බලමින් යම් භාෂාවක් එම පළාතේ පරිපාලන භාෂාව බවට භාවිත කළ හැකි යැයි නියෝගයක් නිකුත් කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

popular news
-
Champa Tuesday, 22 October 2019 06:10 AM
මෙහෙම ගිහින් කොළොඹ පරිපාලන භාෂාවත් දෙමල කරන්න කියයි. ව්‍යවස්ථාවෙන් පිලි අරන් තියෙන්නේ දෙමල මිනිස්සු වැඩිපුර ඉන්නේ උතුරු නැගෙනහිර විතරක් නම් වෙන දිස්ත්‍රික්ක වල දෙමල මිනිස්සු වැඩිපුර ඉන්න එක ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒ හින්ද අනිත් පළාත්වල ඉන්න දෙමල මිනිස්සු ඔක්කොම උතුරු නැගෙනහිරට යන්න ඕනේ නැත්නම් කොළොඹ දිස්ත්‍රික්කයේ ඉන්න දෙමල ජනගහනයට සමාන සිංහල ජනතාවක් උතුරේ පදිංචි කරන්න ඕනේ. අනිත් එක මේ තර්කය උඩ දෙමල ජාතිකයෙක් රාජ්‍ය භාෂා ඇමති විදිහට පත් කිරීමත් වැරදියි. දෙමල ජාතිකයෙක් ඇමති කරනවා නම් කරන්න ඕනේ උතරු නැගෙනහිරට අදාළව විතරයි. කොළොඹ සහ අනිත් දිස්ත්‍රික්ක වල පදිංචි දෙමල ජනයා ලියාපදිංචි විය යුත්තේත් උතුරු නැගෙනහිර විතරයි. විමල් වීරවංශ කියන්නේ තමන්ගේ මුළු දේශපාලන ජීවිතයම රට වෙනුවෙන් කැප කරපු කොන්ද පණ තියෙන උදාර සිංහලයෙක්.. විමල් නොහිටින්න 2002 රනිල් උතුරු ප්රභාකරන්ට දීල. විමල් නොහිටින්න උතුරු නැගෙනහිර එකතු කරලා. විමල් නොහිටින්න රනිල් මෛත්‍රී 2015 දීම උතුරට ෆෙඩරල් දීල. විමල් නොහිටින්න වහල් ආණ්ඩුව 2015ම ETCA අත්සන් කරලා උතුරු නැගෙනහිර තමිල්නාඩුවට යා කරලා. විමල් නොහිටින්න SOFA ත් අත්සන් කරලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
