උතුරෙන් විශාලතම එතනොල් තොගය අල්ලයි
උතුරු පළාතෙන් සොයාගත් විශාලතම එතනොල් තොගය වාර්ථාවෙමින් යාපනය චුන්නාගම් අලවෙඩ්ඩි ප්රදේශයේදී රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් එතනෝල් ලීටර් 7400කට අධික ප්රමාණයක් ගබඩා කොට තිබියදී සැකකරුවන් දෙදෙනෙකුද සමගින් ඊයේ (23) දින රාත්රියේ යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ඒ බව පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම් දීමෙන් පසුව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අලවෙඩ්ඩි ප්රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමදී අදාළ එතනෝල් තොගය අබලන් ලොරියකට දමා ගබඩා කොට තිබියදී සොයාගෙන ඇත.
එහිදී ලොරිය තුල ගබඩා කොට තිබි එතනෝල් ලීටර් 20 කෑන් 371 ක් හමු වී ඇති අතර අදාළ එතනෝල් ගබඩාව පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකුද ලොරිය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයේ සිට එතනොල් කලක සිට බෙදාහැර ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට තොරතුරු අනාවරණය වී ඇත.
උතුරු පළාතෙන් එතනොල් මෙතරම් ප්රමාණයක් හසු වූ පළමු අවස්ථාව මෙය වන අතර මුහුදු මාර්ගයෙන් මෙලෙස ගෙනවිත් වෙනත් ප්රදේශ වෙතට ප්රවාහනය කිරීමට සැලසුමක් ඇති බවට සැකකරන බවටද පරික්ෂණ සිදු කරන පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් වැඩිදුරටත් කියා සිටියහ.


popular news
-
Kumar Friday, 25 January 2019 08:36 AM
කැලිෆෝනියාවේ පරිසර දුෂණය අඩුකිරීම සඳහා එතනෝල් පැට්රොල් සමග මිශ්රකර අලෙවිකරන කියන්න ඕනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

