ජාතික ජනබලවේගයට බලය හිමි උඩුනුවර ප්රාදේශිය සභාවේ අයවැය වැඩි දෙකකින් පරාජය කිරිමට විපක්ෂය සමත් විය. සභාවේ මන්ත්රිවරුන් 38 දෙනාගෙන් ජාතික ජන බලවේගයේ මන්ත්රි 18 දෙනා පමණක් අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර ඉතිරි ඡන්ද 20 ම විපක්ෂයට ලැබිමෙන් අයවැය පරාජයට පත්විය.
ජාතික ජනබලවේගයේ සභාපති අසිත රණවීර මහතා ඉදිරිපත් කල අයවැය වාර්තාවේ විශාල අඩුපාඩු රාශියක් ඇති බව විපක්ෂය විසින් පෙන්වාදිමෙන් අනතුරුව නැවත අයවැය ඉදරිපත් කිරීම ඊයේ දිනයේදි පැවැවිණ.
ජාතික ජනබලවේගයේ සභාපති අසිත රණවිර මහතා විපක්ෂයෙන් ඒ අවස්ථාවේදි ඉල්ලා සිටියේ මෙය පක්ෂ දේශපාලනය පසෙකින් තබා උඩුනුවර ජනතාව වෙන්වෙන් අයවැය සඳහා පක්ෂව ඡන්දය දෙන ලෙසය.