උඩවලව ජාතික වනෝද්‍යානය සදහා බලංගොඩ හදගිරිය නව පිවිසුම ආශ්‍රිතව සංචාරක පහසුකම් ප්‍රවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇතැයි සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සදහන් කළේය.
ඒ මහතා මේ බව සදහන් කළේ රත්නපුර පළාත් සභා සංකීර්ණයේ දී පැවති බලංගොඩ හදගිරිය වනෝද්‍යාන පිවිසුම ආශ්‍රිතව සංචාරක පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට අදාලව පැවති සාකච්ඡාවට එක් වෙමිණි.
මහින්ද එස් වීරසූරිය මහතා මෙහිදී වැඩිදුරටත් පැවසූයේ වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවය.
එමෙන්ම මේ සදහා සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතාගේ පූර්ණ සහය ලබාදෙන බව තමාට දැන්වූ බව ද මෙහිදී ප්‍රධාන ලේකම්තුමන් විසින් පැවසීය.
දැනට උඩවලව වනෝද්‍යානයේ ප්‍රධාන ප්‍රවේශ මාර්ගය උඩවලව ප්‍රදේශයෙන් සමන්විත වී ඇත.
එමෙන්ම බලංගොඩ හදගිරිය ප්‍රදේශයෙන් ද උඩවලව වෙත ප්‍රවේශ වීමේ දොරටුවක් පවතී.
එය සබරගමුව පළාත් සභාව විසින් ආරම්භ කර ඇති අතර එහි සංචාරක පහසුකම් ප්‍රවර්ධනය කිරීම මෙම නව වැඩසටහන හරහා සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, පළාත් සංචාරක අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණුආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.