මේ මොහොත වන විට උඩවලව කේන්ද්‍රීය වාරි පද්ධතිය භයානක තත්ත්වයකට මුහුණ දී ඇති බවත් මෙම ව්‍යාපාරය තුළින් නඩත්තු වන ඒකක 07ක දැවැන්ත කෘෂිකාර්මික ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවත් එයට හේතුව වී ඇත්තේ වත්මන් රජයේ දුර්වල ජල කළමනාකරණ ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අක්කර අඩි දෙලක්ෂ දාහත්දහසකින් යුත් උඩවලව ජලාශ්‍රයේ දැනට ඉතිරිව ඇත්තේ අක්කර අඩි 2000ක් පමණක් බවත් මීට සති කිහිපයකට පෙර සමනල වැවෙන් ජල අක්කර අඩි 1500ක් දෛනිකව ලබා දෙන ලෙස ඉල්ලීම් සිදු කළත් මේ පිළිබඳව විදුලි බල ඇමතිවරයා ප්රමුඛ ඇමති මණ්ඩලයත් ජනාධිපතිවරයාත් උනන්දු නොවීම තුළ ගොවි පවුල් 30000ක හෙක්ටයාර් 25000ක වී උක් එළවළු සහ බඩඉරිගු වගාව විනාශයට පත්වීම ආරම්භ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජ දවසේ සිට මෙම වාරි ශිෂ්ඨාචාරය දැවැන්ත ආර්ථික පද්ධතියක් නිර්මාණය කළ බවත් මේ ජලාශ්ර හරහා පානීය ජලයට මෙන්ම වගාව සඳහා ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බවත් එහෙත් අඛණ්ඩව විදුලිය ලබා දෙනවා යැයි පවසා විදුලි බිල සියයට 500කින් වැඩි කර වගාවට අයත් ජලය විදුලිය සැපයීමට යොමු කර ඇති බවත් යම් හෙයකින් විදුලි කප්පාදුවක් සිදුවන්නේ නම් එයට හේතුව වත්මන් රජයේ අකාර්යක්ෂමතාව සහ දුර්වල රාජ්‍ය පාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වත්මන් රජය විසින් වාරි පද්ධතිය හරහා නිර්මාණය වූ වාරි සංස්කෘතිය සහමුළින්ම විනාශ කර ඇති බවත් වී උක් එළවළු සහ බඩඉරිගු වගාවන් ආදිය හරහා දේශීය ග්‍රාමීය ක්ෂුද්‍ර ආර්ථික චක්‍රයක් ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට අවබෝධයක් නොමැති නිසා වගා හානි වුවහොත් වන්දි ලබා දී පිටරටින් හාල් ගෙන ඒමට සූදානම් වී ඇති බවත් ජනතාව විසින් ආණ්ඩුවක් පිහිටුවා ඇත්තේ වැඩක් නොකර හේතු දැක්වීමට නොවන හෙයින් රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (6) තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අවසාන දින මෙහෙයට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
දක්ෂ, සැලසුම්සහගත සහ කාර්යක්ෂම ආණ්ඩුවක් ලෙස පම්පොරි ගැසුවත් මේ සිදුවීමෙන් එහි සත්‍ය අසත්‍යභාවය පෙනෙන බවත් රජයේ දෙබිඩි වැඩපිළිවෙළ හේතුවෙන් ගොවියාත් සාමාන්‍ය ජනතාවත් දැඩි ලෙස අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේ ය.
එසේ ම මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා විසින් තවදුරටත් කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලය, වගකීම සම්බන්ධයෙන් රජය සවන් දෙන්නේ පාර්ලිමේන්තුවට පමණක් බවට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ප්‍රකාශ කර ඇති බවත් මින් ගම්‍යමාන වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අධිකරණයට තීන්දු දිය නොහැකි බවත් එසේ ප්‍රකාශයක් සිදු කිරිමට රජයට නොහැකි බවත් අධිකරණය සතුව අධික්ෂණ බලය සහ නෛතික බලය සම්බන්ධයෙන් සොයා බැලීමේ අයිතියක් ඇති බවත් පැවසීය.
ප්රජාතන්ත්රවාදී රටක් තුල අධිකරණය යනු ප්රජාතන්ත්රවාදී පුරුක් 3න් වැදගත් පුරුකක් බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ තුළ රජයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අධික්ෂණය කිරීමේ බලය සහ වගකීම අධිකරණයට ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ රජයට හිතවත් ව්‍යාපාරිකයන්ට සහන ලබා දී වැඩකරන ජනතාවගේ අර්ථසාධක අරමුදලට අත තැබීම අනුමත කළ නොහැකි බවත් වගකිව යුතු විපක්ෂයක් ලෙස ගොවි ජනතාවගේත් වැඩ කරන ජනතාවගේත් අයිතීන් සුරක්ෂා කිරීමට මැදිහත් වන බවත් පැවසීය.