උඩරට දුම්රිය මාර්ගයේ වටවල හා ගලබඩ අතර දුම්රිය මාර්ගයට කඩාවැටි තිබු ගස ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ දුම්රිය ධාවනය නිසි ලෙස සිදු කිරිමට පියවර ගෙන ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසිය.
මෙම ප්රදේශයන්ට පවතින වැසි හා දැඩි සුලං තත්වයන් මත 30වන දින වටවල හා ගලබඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවු බවත් දුම්රිය දෙපාර්ථමේන්තුවේ නිලධාරින් හා සේවක පිරිස් එම ගස කපා ඉවත් කිරිමෙන් පසුව දුම්රිය ධාවන යථා තත්වයන්ට පත් කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
චන්ද්ර සෙල්ලහේවා