උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්වන දිනයක් තවමත් නෑ
ඉහළ කෝට්ටේ දුම්රිය මාර්ගයේදී මහනුවර කොළඹ නගරාන්තර සීඝ්රග්රාමී දුම්රිය පීලි පැනීම සහ දුම්රිය මාර්ගය නයාම හේතුවෙන් දින තුනක කාලයකට උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර 42 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
පීලි පැනීමට ලක්වූ මහනුවර කොළඹ නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය මේ වන විට එම ස්ථානයෙන් ඉවත්කොට ඇති බවත් දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකින් නාය යාමට ලක්වූවූ ස්ථාන පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කොට ඇතිි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
පවතින අයහපත් කාලගුණය හමුවේ එම පිළිසකර කටයුතු අවසන් වන නිශ්චිත දිනයක් ප්රකාශ කළ නොහැකි බවත් දුම්රිය මාර්ගයට ඉහළින් ඇති අලගල්ල පර්වතයේ සිට විශාල ජල ධාරාවන් දුම්රිය මාර්ගයට පතිත වීම හේතුවෙන් පිළිසකර කටයුතුවලට බාධා පැමිණෙමින් තිබෙන බවද කියයි.
උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ සිට රඹුක්කනටත් මහනුවර සිට නානුඔය බදුල්ල දක්වාත් පමණක් සිදු කරනබවද දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
කොළඹ කොටුවේ සිට බදුල්ල හා නානුඔය දක්වා ක්රියාත්මක වූ දුම්රිය ගමන් වාර 04 ක් මහනුවර සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර එම ගමන් වාර කොළඹ කොටුවෙන් ආරම්භ කිරීමට නියමිතව තිබූ වේලාවන්හිදී මහනුවරින් ආරම්භ කෙරෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

