මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග උඩරට දුම්රිය මාර්ගයට කඩාවැටි ඇති පස් කදු , ගල් සහ ගස් ඉවත් කර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරිමට යුද හමුදා සහයෝගය ලබාගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 15 ක පමණ දුම්රිය මාර්ගයට පස් කදු , ගල් සහ ගස් කඩා වැටි ඇති අතර , ඇතැම් ස්ථාන වල දුම්රිය මාර්ගය නායගොස් ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.
උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමට මේ වන විට දුම්රිය සේවකයින්ද විශාල පිරිසක් සේවයේ යොදවා ඇති අතර , ඊට අමතරව යුධ හමුදා භට පිරිස්ද යොදවා ඇති ආකාරය අප කැමරාවේ සටහන් විය.
වටවල දුම්රිය ස්ථානයට යාබදව දුම්රිය මාර්ගයට පෙරලි ඇති විශාල ගලක් පුපුරවා ඉවත් කිරිමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි වටවල දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.
