උඩරට දුම්රිය මාර්ගයේ මහනුවර සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ගෙවී ගොස් ඇති රේල් පීලි වෙනුවට අලුතින් රේල් පීලි සවි කිරිමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග නඩත්තු අංශය විසින් මේ වන විට ආරම්භ කර ඇත.
එම දුම්රිය මාර්ගයේ දැනට සවි කර ඇති 1960 වසරේ නිෂ්පාදිත රේල් පීලිවල ගෙවී ගිය රේල් පීලි වෙනුවට අඩි 225ක දිගින් යුත් අලුතින් නිෂ්පාදනය කරන ලද රේල් පීලි මෙසේ සවි කරනු ලබන්නේ.
අඩි 225ක දිගකින් යුත් එම රේල් පීලි ප්රවාහනය කර දොඹකර 5ක් උපයෝගි කරගෙන එක්වර ගොඩ බෑම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ට්රැක් මෝටර් කාර් නමින් විශේෂ දුම්රිය දොඹකරයක්ද උපයෝගි කරගෙන ඇත.



