උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 24දරණ දුම්රිය බිංගෙය අසලදී විශාල ගල්පර්වත සහ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර සැතපුම් 176/78 කනුව අසලදී විශාල පස්කන්දක් සමඟ ගල්පර්වත කඩා වැටී බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුවීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (23) කොළඹ සිට නානුඔය දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
උඩරට දුම්රිය මාර්ගයට මෙසේ ස්ථාන කීපයකදී ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් ඊයේ (22).කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩිමැනිකේ , උඩරට මැණිකේ , සහ විශේෂ සීග්‍රගාමි දුම්රිය දැනට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය .
මෙසේ පස්කදු ගල්පර්වත කඩා වැටී තිබිම නිසාවෙන් අද (23) දිනයේ බදුල්ල දුම්රිය ස්ථානයෙන් කිසිදු දුම්රියක් ධාවනය නොවන බවත්, නානුඔය සිට බදුල්ල ට දුම්රිය ධාවනය නොවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ඉවත්කිරිමේ කටයුතු දුම්රිය සේවකයන් විසින් ඇද හැලෙන වර්ෂාවත් , මීදුමත්, ශීතලත් නොතකා සිදු කරන බවද දුම්රිය බළධාරීන් පැවසූහ .