උඩරට දුම්රිය මාර්ගයේ අබේවෙල සහ පැරකුම්පුර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පිලීපැනීමට ලක් වූ කොළඹ කොටුව බදුල්ල අංක 1007 දරන දුම්රියේ මැදිරි යලි පිලීගත කිරීමෙන් අනතුරුව බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (22) උදෑසන සිට සාමාන්‍ය පරදි ධාවනය කැරෙන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
කොළඹ කොටුව සිට බදුල්ල බලා පෙරවරු 9.45ට ගමන් ආරම්භ කල අංක 1007 දරන සීඝ්‍රගාමී දුම්රිය මෙසේ 21 පස්වරුවේ පැරකුම් පුර සහ අබේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබින .
එම දුම්රියේ පිටු පස මැදිරි දෙකක් මෙසේ පිලීපැනීමට ලක්ව තිබු බවත් ,පසුව බදුල්ල දුම්රිය ස්ථානයේ සිට රාත්‍රි පැමිණි දුම්රිය සේවකයන් පිලීපැනීමට ලක්ව තිබු දුම්රියේ මැදිරි පිලීගත කිරීමෙන් අනතුරුව ඊයේ (22) උදෑසන සිට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කල බවද දුම්රිය බළධාරින් පැවසුහ .
මේ අතර ඊයේ (21) පස්වරු 6.30ට බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය පැය පහ හමාරක් පමන ප්‍රමාද වී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය විය.