උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (11) පෙරවරුවේ සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල උඩුවර අතර 176/8 සැතපුම් කණුව අසලදී දුම්රිය මාර්ගය ට පස්කදු ගල්පර්වත කඩා වැටී දෙමෝදර බදුල්ල අතර දුම්රිය ධාවනය ඇන හිට කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනයට ද බාධා සිදුව තිබිණ .
මේ අනුව අද (11) පෙරවරු 5.45 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා උඩරට මැණිකේ දුම්රිය ,පෙරවරු 8.30 ට පොඩිමැනිකේ දුම්රිය ද ධාවනය වූ බවත් , කොළඹ කොටුව සිට පැමිණි රාත්‍රි තැපැල් දුම්රිය ද උදෑසන බදුල්ල දුම්රිය ස්ථානය ට ලගා වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය .
බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය දැනට සාමාන්‍ය පරදි ධාවනය වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
ඇල්ල ප්‍රසාද් රුක්මල්