වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත ගස්කොළන් උඩරට දුම්රිය මාර්ගයට කඩා වැටී තිබිම නිසාවෙන් කොළඹ කොටුව බදුල්ල අතර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වෙනස් කම් කීපයක් සිදු කරමින් ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය අද (27) පැවසීය.
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල දෙමෝදර අතර උඩුවර 7කණුව ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති විශාල පස්කන්ද මෙතෙක් ඉවත් කර නොමැති නිසාවෙන් බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය මුලුමනින්ම ඇණ හිට ඇත.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1005 දරන පොඩිමැනිකේ ,අංක 1015 දරන උඩරට මැණිකේ දුම්රිය න් කොළඹ කොටුව සිට නානුඔය දක්වා ත්, මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන අංක 1126 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මහනුවර සිට නානුඔය දක්වා ත්, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වාත්, අංක 1002 දරන දුන්හිඳ ඕඩ්සි දුම්රිය ඇල්ල සිට කොළඹ කොටුව දක්වාත් , 1008 දරන සීග්‍රගාමි දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව දක්වාත් ,අංක 1006 දරන පොඩිමැනිකේ දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව දක්වාත් අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය සිට මහනුවර දක්වාත් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.
මේ අතර බදුල්ල කොළඹ කොටුව අතර රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය නොවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය .
කෙසේ වෙතත් වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ පස්කදු ගල්පර්වත ගස්කොළන් රැසක් ඊයේ (27) පස්වරුව වන විට ඉවත් කර කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කිරිමට අවස්ථාව සලසා ඇතැයි දුම්රිය බලධාරීන් පවසති.
දෙමෝදර හාලිඇල දුම්රිය ස්ථාන අතර උඩුවර ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති විශාල පස්කන්ද දැනට පවතින වර්ෂාවත් සමඟ ඉවත් කිරිමට අපහසු වී ඇති බවත් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති විශාල පස්කදු ඉවත් කිරිමේ කටයුතු මේවනවිටත් සිදුකෙරෙමින් පවතින බවත් බොහෝ දුරට හෙට (28) දිනය වන විට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරිමට හැකි වන බවට විශ්වාස කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටියේය .