උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න හා ඔහිය දූම්රිය ස්ථානය අතර ප්රදේශයේදී දුම්රිය මාර්ගයට අද (22දා) අලුයම විශාල පස් කන්දක් සමග ගල් පර්වත පෙරලීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්රමාද විය හැකි බවත්, මාර්ග නඩත්තු අංශය මගින් මාර්ගයට වැටී ඇති පස් හා ගල් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බවද පාලක මැදිරිය සඳහන් කරයි.
ශාන් හුලංනුගේ