උඩරට දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (1දා) අලුයම ගල්පර්වත සමඟ පස්කන්දක් ගස්කොළන් කඩා වැටීමෙන් බදුල්ල - කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පැවති අධික වර්ෂාවත් සමඟ මෙසේ අලුයම දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී ඇති අතර , මේ නිසා බදුල්ල සිට කොළඹ බලා අද (1) අලුයම 5.45 ට ගමන් ආරම්භ කරමින් ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය එහි රියදුරු විසින් දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී තිබූ ස්ථානය ඈතදීම දැක දුම්රිය නවතා ගැනීම නිසාවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකී ගිය බවත් දුම්රිය මගීහු පැවසූහ.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්රිව තැපැල් දුම්රිය මේ නිසා අද (1) උදෑසන දෙමෝදර දුම්රිය ස්ථානයේ නවතා තැබූ බවත් ,බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය හාලිඇල -උඩුවර දුම්රිය ස්ථානඅතර දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී තිබෙන ස්ථානයේ නවතා තබා ඇතැයි දුම්රිය බළධාරීන් කීහ.
දුම්රිය මාර්ගයට කඩා වැටී තිබෙන පස්කදු ගල්පර්වත ගස්කොළන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්ර්කාශයකු සදහන් කළේය .
ඇල්ල ප්රසාද් රුක්මාල්


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

